බිල් ක්ලින්ටන්
නව ප්‍රජාතනත්‍රවාදියෙක් හා තෙවන දාර්ශනික පාලනයක් ගෙන ගිය පාලකයෙකු ලෙස ක්ලින්ටන්ව විස්තර කළ හැකිය. ඔහුගේ පාලන කාලසීමා දෙකෙහිදී ම මේ බව මැනවින් පිළිඹිබු වේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ එකඟතාවය හා ශුභ සිද්ධිය ගොඩනැංවීමේ දී ඔහුගේ ප්‍රතිපත්ති මත ඔහුව මැදහත් දේශපාලන මත දරන්නෙකු ලෙස හඳුන්වන ලදී. සාමය පවතින කාලයේ ඇමරිකානු ඉතිහාසයේ විශාල කාල පරාසයක් පුරාවට ආර්ථිකමය ප්‍රසාරණයක් ඇති කිරීමට ක්ලින්ටන් මුලසුන ගෙන කටයුතු කරන ලදී. ඒ සඳහා සමතුලිත අය වැයක් හා වාර්තාගත ෆෙඩරල් ලාභයක් පවත්වා ගැනීමට ඔහු සමත් විය. ඇමරිකානු එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලයේ ගිණුම්කරණ නීති පදනම් කර ගනිමින් ක්ලින්ටන් තම ජනාධිපතිධූරයේ අවසාන භාගයේ වාර්තාගත ලෙස ඩොලර් බිලයන 559 ක ලාභයක් හිමිකර දීමට සමත් විය. ඩිමොක්‍රටික් කොංග්‍රසය සමඟ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙහි ලා වූ අසාර්ථක වෑයමේ දී සිවු වසරක කාලයක් පුරාවට ප්‍රථම වරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ පාලනය හිමි කරගන්නා ලදී. ක්ලින්ටන්ගේ දෙවැනි කාලය සමයේ දී හෙතෙම ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලය විසින් බලවත් දෝෂාරෝපණයට ලක් කරන ලදී. ඒ සාධාරණත්වයේ නාමයෙන් බොරුකීම හා බාධා පැමිණවීම් අරමුණු කොට ගෙනය. නමුත් පසුව ඇමරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් ඔහුව එකී චෝදනාවලින් නිදහස් කළ අතර ඔහුට තම ජනාධිපතිධූර කාල සීමාව සම්පූර්ණ කිරීමේ හැකියාව ද හිමි විය. දෙවන ලෝක යුද්ධ කාල සීමාවේ වැඩිම කාල ප්‍රතිශතයක් තම ධූරයේ රැඳී සිට එකී ධූරයෙන් සමුගත්එකම ජනපතිවරයා ඔහු විය. ජනපති ධූරයෙන් සමුගැනීමත් සමඟම ක්ලින්ටන් පොදු ජනයා ඇමතීමටත්, මානුෂීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමටත් පෙළඹිණි. අන්තර්ජාතික වශයෙන් බලපෑ ගැටළු මර්ධනය කිරීම හා වළක්වා ගැනීමෙහි ලා ඔහු පුරෝගාමීව කටයුතු කළේය. HIV ඒඩ්ස්, පාරිසරික උෂ්ණත්වය වැනි ගැටළු ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගත් ඒවා විය. මෙහි ලා ඔහු විසින් නිර්මාණය කෙරුණු විලියම් ජේ. ක්ලිටන් අරමුදල ද විශේෂ තැනක් ගනී. 2004 වර්ෂයේ දී ඔහු විසින් තම ජීවිත කථාව පාථකයන් වෙත නිකුත් කරන ලදී. |
Portal di Ensiklopedia Dunia