පැරණි කොළඹ ලන්දේසි රෝහල

කොටුව ලන්දේසි රෝහල

කොළඹ කොටු‍වේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල ( ලන්දේසි රෝහල ), මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපය අතුරින් එකකි. වර්ථමානයේ එය නවීන සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කොට තිබේ.[1]

අතීතය

1686 වර්ෂයේදී ලන්දේසින් විසින්, ඔවුන්ගේ නිලධාරීන්ට හා සේවකයන්ට ප්‍රතිකාර සේවා ලබා දීමේ අරමුණින් කොළඹ කොටු‍ව ආශ්‍රිතව රෝහලක්‌ ඉදිකරන ලදී. රොබට් නොක්ස්ගේ වාර්ථාවන්ට අනූව, මෙම රෝහලින් ලන්දේසි නිලධාරීන්ට අමතරව, 1739 වර්ෂයේදී එකල මෙරට පාලනය කල නරේද්‍රසිංහ රජතුමා ද ප්‍රතිකාර ලබා ගත් බවට සාක්‍ෂි තිබේ.[2]

1980 වසර වන විට මෙම ගොඩනැගිල්ල පොලිසියට පැවරී තිබූ අතර, ඒ සමයේදී මෙයට අලුතින් වැසිකිළි පද්ධතියක් එකතුව තිබේ. 1996 වර්ෂයේ එල්ල වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් ලන්දේසි රෝහලටද බරපතල හානි සිදුවිය.[3]

කාලයත් සමග ගරාවැටීමට ලක්ව තිබූ ගොඩනැගිල්ල, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සුපිරි සාප්පු සංකිර්ණයක් බවට පත්කොට 2011 වර්ෂයේ දෙසැම්බර් මස 2 වන දිනදී විවෘත කරන ලදී.[4]

වාස්තු ශෙෙලිය

හෙක්‌ටයාර භාගයක පමණ භූමි භාගයක ඉදිකොට ඇති මෙම රෝහල් ගොඩනැගිල්ල යුරෝපීය ගොඩනැඟිලි කලාවට සමීප ලන්දේසි ලක්‍ෂණ පෙන්නුම් කරයි. භූමි නිර්මාණය කුරුසියක හැඩය ගෙන තිබෙයි. රෝහල මැද මිදුලක්‌ සහිතව නිර්මාණය කොට ඇත.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. ^ http://www.defence.lk/sinhala/sn.asp?fname=20111205_06 සංරක්ෂණය කළ පිටපත 2015-05-10 at the Wayback Machine ඉපැරණි ලන්දේසි රෝහල සාප්පු සංකීරණයක් බවට පත් කෙරේ
  2. ^ http://www.divaina.com/2013/06/23/feature05.html සංරක්ෂණය කළ පිටපත 2015-03-28 at the Wayback Machine නැවත ඉපදුණු ලන්දේසි රෝහල
  3. ^ http://www.lankadeepa.lk/index.php/articles/16890 සංරක්ෂණය කළ පිටපත 2015-05-09 at the Wayback Machine වෙළෙඳ සංකීර්ණයක් වූ ලන්දේසි රෝහලේ කතාව
  4. ^ http://www.dinamina.lk/2011/12/01/_art.asp?fn=n11120110[permanent dead link] ලන්දේසි රෝහල හෙට වෙළෙඳ සංකීර්ණයක් වෙයි

බාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia