පස්වන ජෝර්ජ් රජ
පස්වන ජෝර්ජ්, George V (ජෝර්ජ් ෆ්‍රෙඩ්රික් අර්නස්ට් ඇල්බර්ට්; 3 ජුනි 1865 - 20 ජනවාරි 1936) 1910 මැයි 6 සිට 1936 ඔහුගේ මරණය දක්වා එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමීනියන් රාජ්‍යවල රජු මෙන්ම ඉන්දියාවේ අධිරාජ්‍යයා විය. සිය මිත්තණිය වූ වික්ටෝරියා රැජිනගේ පාලන සමයේ උපත ලද ජෝර්ජ්, ඔහුගේ පියා වූ ඇල්බර්ට් එඩ්වර්ඩ් සහ වැඩිමහල් සොහොයුරා වූ ඇල්බර්ට් වික්ටර් කුමරුට පසු රජ කිරුළ දැරීමට සිටි තෙවැන්නා විය. 1877 සිට 1891 දක්වා ජෝර්ජ් රාජකීය නාවික හමුදාවේ සේවය කළේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ අනපේක්ෂිත මරණය නිසා 1892 ආරම්භයේ දී ඔහු රජ කිරුළ ලබා ගැනීමට සිටි දෙවැන්නා බවට පත්විය. ජෝර්ජ්ගේ මිත්තණිය 1901 දී මිය යාම නිසා ඔහුගේ පියා හත්වන එඩ්වර්ඩ් (Edward VII) නමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජ-අධිරජ බවට පත්විය. ජෝර්ජ්, වේල්ස්හි කුමරු බවට පත්විය. ඔහුගේ පියාගෙන් පසු 1910 දී ජෝර්ජ් සිහසුනට පත්විය. ඔහු දිල්ලි රාජසභාව (Delhi Durbar) ට පැමිණි එකම ඉන්දියාවේ අධිරාජ්‍යයා වෙයි. පස්වන ජෝර්ජ්ගේ රාජ්‍ය කාලය තුළ සමාජවාදය, කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය, අයර්ලන්ත ජනරජවාදය සහ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය යනාදී දේශපාලන කරළියේ මූල විපර්යාසාත්මක අංශ වර්ධනය විය. 1911 පාර්ලිමේන්තු පනත මගින් ඡන්දයෙන් තේරී පත්වූ House of Commons, ඡන්දයෙන් තේරී පත් නොවන ස්වාමි මංත්‍රී මණ්ඩලය ට වඩා අධිපතිත්වයෙන් යුක්ත වන බව ප්‍රකාශයට පත් කරන ලදී. පළමුවන ලෝක යුද්ධයේ (1914 - 1918) ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ඥාතිවර රුසියාවේ දෙවන නිකොලස් සාර් සහ ජර්මනියේ දෙවන විල්හෙල්ම් ගේ අධිරාජ්‍යයන් බිඳ වැටුණි. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි උපරිම ඵලදායි වපසරියට වර්ධනය වුණි. ජර්මන් විරෝධී මහජන මතය නිසා සැක්ස-කොබර්ග් ගොතා යන රාජ වංශයේ නාමය, සහ අනෙකුත් ජර්මානු රාජකීය සහ වංශාධිපති තනතුරු අතහැර 1917 දී ඔහු වින්ඩ්සර් රාජවංශයෙහි ප්‍රථම රජු බවට පත් විය. 1924 දී ඔහු ප්‍රථම කම්කරු අමාත්‍යංශය පත්කරන ලද අතර 1931 වෙස්ට්මින්ස්ටර් ආඥා පනත මගින් ඩොමීනියන් රාජ්‍යයන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වෙන්වූ, ස්වාධීන රාජ්‍යයන් බව පිළිගනු ලැබිය. දුම්පානය නිසා හටගත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් සිය රාජ්‍ය කාලයේ අවසන් සමයේ ඔහු පීඩා විඳි අතර ඔහුගේ මරණින් පසු ඔහුගේ වැඩිමහල් පුත් අටවන එඩ්වර්ඩ් ලෙස රජවිය.
|
Portal di Ensiklopedia Dunia