අශෝක ද සිල්වා (විනිසුරු)
ජෝශප් අශෝක නිහාල් ද සිල්වා (උපත 1946 මැයි 17) ශ්‍රී ලංකාවේ 42 වැනි අගවිනිසුරුවරයා විය. [1] [2] ෆ්ජ් ඩ්ෆ්ජ්ෆ්ඩ්ජ්ෆ්ඩ් ජ්ෆ්ඩ්ග්ජ්ෆ්ජ් ෆ්ජ්ෆ්ඩ්ග්ජ්ෆ් ග් ජ්ෆ්ග් ජ්ෆ්ග් ජ්ෆ්ජ්ෆ්ග් ජ්ෆ්ඩ් ජ්ෆ්ඩ්ග් ජ්ෆ්ජ් ෆ්ජ්ග්ෆ්ග්ජ් ඩ්ෆ්ජ් ග්ඩ් ජ්ග්ෆ්ඩ්ජ්ෆ්ඩ් ජ් ෆ්ග්ජ් සිල්වා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙනි . 1971 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු 1972 දෙසැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයකු ලෙස සම්බන්ධ විය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේ 1974 අප්‍රේල් 2 වැනිදාය. 1987 වසරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වූ ඔහු වසර 22ක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කිරීමෙන් පසු 1995 ඔක්තෝබර් 12 වැනිදා අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත් විය. අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා 2001 පෙබරවාරි මාසයේ දී අභියාචනාධිකරණයේ සභාපතිවරයා බවට පත් වූ අතර පසුව 2001 අගෝස්තු 1 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා උසස් කරන ලදී. 2013 ජූලි 31 දින ඔහු කෙන්යාවේ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් පරීක්ෂා කිරීමේ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී, එය කෙන්යාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණය නුසුදුසු අධිකරණ නිලධාරීන් ඉවත් කිරීම සඳහා පිහිටුවන ලද ආයතනයකි. [3] අශෝක ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1983/84 පරිපාලන නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කර ඇත. සේවා
මේකත් බලන්නයොමු කිරීම්
|
Portal di Ensiklopedia Dunia